Prefect insignia 2022

Prefect insignia 2022

විද්යාරත්න ශිෂ්ය නායක ඛණ්ඩයේ ජේෂ්ඨ ශිෂ්ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය
විද්යාරත්න ශිෂ්ය නායක ඛණ්ඩයේ ප්රධාන ශිෂ්ය නායක සහ උප ප්රධාන ශිෂ්ය නායකයන් තිදෙනා සදහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2022.01.20 වන දින ගරු පරිවෙණාධිපති ආචාර්ය ලබුගම නාරද මාහිමිපාණන් වහන්සේගේ ප්රධානත්වයෙන් පාසල් පරිශ්රයේදී ඉතා අභිමානවත් අයුරින් පැවැත්වුණි.
මෙම අවස්ථාව සඳහා නියෝජ්ය විදුහල්පතිවරුන් වන ජනක උදයංග මහතා, ආනන්ද හේවගේ මහතා , චන්දිත ප්රනාන්දු මහතා සමඟ ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන්, නිල ලාංඡන පැළැඳවූ ශිෂ්ය නායකයන්ගේ දෙමව්පියන් සහ පාසලේ සිසු දරුවන් සහභාගි විය.
ශිෂ්ය නායක කණ්ඩය භාර ප්රධාන ආචාර්ය ජානක විජිත විජිත කුමාර මහතාගේ මූලිකත්වය සහ අධීක්ෂණය මත ශිෂ්ය නායක ඛණ්ඩයභාර අරුණ ශාන්ත මහතා, අසංග සිරිවර්ධන මහතා, අසංක රණසිංහ මහතා, ඕ.ඩී.කුමාර ගුණරත්න මහතා සහ ශිෂ්ය සංගම් භාර ප්රධාන ආචාර්ය ඉෂාර කාරියවසම් මහතා යන විද්යාරත්න ආචාර්ය මණ්ඩලයේ මග පෙන්වීම මත මෙම කටයුතු සංවිධානය වී තිබුණි.
මේ අනුව 2022 වසරේ විද්යාරත්නයේ ශිෂ්ය නායක ඛණ්ඩයේ ප්රධාන ශිෂ්ය නායකයා ඇතුළු උප ප්රධාන ශිෂ්ය නායක වරු පහත පරිදි පත්විය.
ප්රධාන ශිෂ්ය නායකයා
1. K.M.G දුල්හාන් හංසජ
උප ප්රධාන ශිෂ්ය නායකවරු
1. H.U අශාන් රශ්මික කුමාරසිංහ
2. H.R. දිමුත් රාජපක්ෂ
3. P. ඔකද ඩිලංක
“ශිෂ්ය නායක ඛණ්ඩය පාසලේ විනය ප්රමිතීන් ආරක්ෂා කරගනිමින් පාසලේ ශිෂ්ය පරිපාලනය සහයෝගය දක්වමින් ක්රියාත්මක වන අභිමානවත් ගෞරවනීය ශිෂ්ය නායකත්වයෙන් යුත් සංවිධානයක් ලෙස සිය සේවය ක්රියාත්මක කරනු ලබයි. ” යන දැක්ම යටතේ පාසලේ පවතින ප්රධානතම ශිෂ්ය නායකත්වය සහිත අංශය වේ.
විද්යාරත්න ශිෂ්ය නායක කණ්ඩය සදහා පත් වූ ප්රධාන ශිෂ්ය නායක සහ උප ප්රධාන ශිෂ්ය නායකයින්ට විද්යාරත්න මාධ්ය ඒකකය සමග සහොදර විද්යාරත්නයේ උණුසුම් සුභ පැතුම් !