Traffic Event

Traffic Event

හොරණ විද්යාරත්න විශ්ව විද්යා පීඨයේ ගරු
පීඨාධිපති ආචාර්ය ලබුගම නාරද හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වය මත, හොරණ පොලිසිය සම්බන්ධීකරණය වෙමින් කොළඹ රථවාහන මූලස්ථානය මෙහෙයවීමෙන් Fairfirst රක්ෂණ සමාගමේ දායකත්වයෙන් හොරණ කලාපයේ පාසල් 13 ක් සදහා මාර්ග අනතුරු වළක්වා ගැනිම පිළිබඳ වැඩසටහනක් 2022.01.12 වැනි දින විද්යාරත්න පාසල් පරිශ්රයේ දි පවත්වන ලදී.
රථ නියාමන ඒකකය භාර ආචාර්ය ජානක විජිත කුමාර මහතාගේ උපදෙස් මත විද්යාරත්න රථ නියාමන ඒකකයේ සිසුන්ගේ සම්බන්ධීකරණය හා සංවිධානය යටතේ මෙම වැඩසටහන ඉතාමත් සාර්ථක ලෙස පැවැත්විමට හැකි වූ අතර ඒ සඳහා හොරණ ප්රදේශයේ පාසල් වල රථ නියාමන ඒකකභාර ආචාර්යවරුන් සහ එම පාසල්වල සිසු දරුවන් රැසක් මේ සඳහා සහභාගි විය.
මෙම වැඩසටහන මගින් මාර්ග අනතුරු වළක්වා ගැනීම පිළිබඳ න්යායාත්මක දැනුම ලබාදීම හා ප්රායෝගික ක්රියාකාරකම් සිදුකිරීම මෙන්ම රිය නියාමක කණ්ඩායම් සඳහා අවශ්ය උපකරණ ලබාදීම සිදු කරන ලදී .
විද්යාරත්න රථ නියාමන ඒකකය