නායකත්ව හා පෞරුෂ සංවර්ධනය විශේෂ වැඩසටහන
නායකත්ව හා පෞරුෂ සංවර්ධනය විශේෂ වැඩසටහන
විද්යාරත්න විශ්ව විද්යා පීඨයේ පීඨාධිපති ආචාර්ය ලබුගම නාරද හිමිපාණන් වහන්සේගේ අනුශාසනා මත විද්යාරත්න ශිෂ්ය නායක පර්ෂදය සමඟින් බුලත්සිංහල ජාතික යොවුන් සේනාංක මධ්යස්ථානයේ මෙහෙයවීමෙන් 2022-2023 වර්ෂය සඳහා විද්යාරත්න විශ්ව විද්යා පීඨයේ නවක ශිෂ්ය නායකයින්ගේ නායකත්ව හා පෞරුෂ සංවර්ධනය පිළිබඳ පුහුණු කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගිය 06 වන දින විද්යාලයේදී පැවැත්විය.
මේ සඳහා නියෝජ්ය විදුහල්පතිවරුන් වන ආනන්ද හේවගේ, ජනක උදයංග ගුරුතුමන්ලා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන් පිරිසක් සහභාගි වූ අතර විද්යාරත්න ශිෂ්ය නායක පර්ෂදය භාරව කටයුතු කරන ප්රධාන ආචාර්ය ජානක විජිත කුමාර ගුරුතුමන් ඇතුළු එම පර්ෂදය භාර ආචාර්ය මණ්ඩලය මෙම කටයුතු සංවිධානය කිරිම සදහා මුලික විය.
නවක ශිෂ්ය නායකයන්ගේ නායකත්ව හැකියව සහ කුසලතා වර්ධනය කරමින් නව ලෝවට ගැළපෙන ආකාරයෙන් සුදානම් කිරිම මෙම වැඩසටහනේ මුලික අභිප්රාය විය.